ස්වයං නිරෝධායනයෙන් තොරව ලාංකිකයින්ට එංගලන්තයේ දොරගුළු ඇරෙයි

ස්වයං නිරෝධායනයෙන් තොරව ලාංකිකයින්ට එංගලන්තයේ දොරගුළු ඇරෙයි

අද (21) දිනයේ සිට මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව හිමිවී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එරට වේලාවෙන් අද අලුයම හතරේ සිට ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතී.

පසුගිය 19 වෙනි දින ඊශ්‍රායලය, උරුගුවේ සහ ශ්‍රී ලංකාව යන රටවල් එංගලන්තයේ ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත්කර තිබෙන අතර එම රටවල් මෙන්ම නැමීබියාව, රුවන්ඩාව, බොනෙයා, ශාන්ත යූස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා දූපත් සහ එක්සත් ජනපද වර්ජින් දූපත් වල සංචාරකයින්ටද අද (21) සිට එක්සත් රාජධානියේ දොරගුළු විවෘත වනු ඇත.

මෙම සතිය තුළදී කිසිදු රටක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බවද බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.