විදේශයේ අසරණවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදේශයේ අසරණවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 511 ක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
 
එලෙස පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබෙන අතර එම පිරිසට 340ක් ඇතුළත්. ඊට අමතරව ඉන්දියාවේ සිට ලාංකිකයින් 45 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 127 දෙනෙකු පැමිණි පිරිසට අයත් බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය  නිවේදනය කළේ.
 
පැමිණි සියලුම ගුවන් මඟීන් ගුවන්තොටුපළ තුළඳී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට තිබෙන අතර අනතුරුව ති‍්‍රවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකිරීමට කටයුතු කළ බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image