
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර හා හිරිහැරවලට ලක් වූ ශ‍්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේ විශේෂ ගුවන් යානා 02 කින් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි.
පැමිණි සියලුම දෙනා ගුවන්තොටුපළ පරිශ්‍රවයේදී පී සී ආර් පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.