කටාරයේ සිටින විදේශික ශ්‍රමිකයින්ට සුබ ආරංචියක් -ලාංකික ඔබටත් අදාළයි

කටාරයේ සිටින විදේශික ශ්‍රමිකයින්ට සුබ ආරංචියක් -ලාංකික ඔබටත් අදාළයි
කටාර් රටේ කම්කරු නීති පිළිබඳ තොරතුරු සපයන බහු භාෂා වට්ස්ඇප්  (whatsapp) සේවාවක් දියත් කිරීමට කටාර් රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කටාර් රජයේ සන්නිවේදන කාර්යාලය (GCO) ප්‍රකාශකර ඇත්තේ මෙම නව සේවාව නොමිලේ ලබා ගත හැකි අතර සේවා යෝජකයින්ට සහ විදේශගත සේවකයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙනඟින් සපයනු ලැබේ.
 
තවද මේ නව පහසුකම හරහා කටාර් වීසා මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ද කම්කරු නීති පිළිබඳ නිතර අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ද සපයන බවයි වාර්තා වෙන්නේ.
 
පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම සේවාව ස්වයංක්‍රීය චැට්බෝට් එකක් වන අතර අරාබි, ඉංග්‍රීසි, උර්දු, හින්දි, නේපාල සහ මලයාලම් යන භාෂා හයකින් ලබා ගත හැකිය.