විදෙස්ගත ලාංකිකයින් පිරිසක් අදත් දිවයිනට එයි

විදෙස්ගත ලාංකිකයින් පිරිසක් අදත් දිවයිනට එයි

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේ ගතවූ පැය 24ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන අතර එම ගුවන් මගීන් පිරිස ගුවන් යාන 12කින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි.

එලෙස පැමිණි පිරිස සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඩුබායි සිට පැමිණි අය බවත් හෙතෙම සඳහන් කළේය.

තවත් ගුවන් මගීන් 889දෙනෙකු ගුවන් යානා 13 කින් ඉන්දියාව සහ සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.