කුවේටයේ රැකියාවකට යන්න පෙර මේ ගැනත් හිතන්න

කුවේටයේ රැකියාවකට යන්න පෙර මේ ගැනත් හිතන්න
වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවේටයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
 
මෙම පිරිස කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී හාම්පුතුන් අතින් විවිද හිරිහැර කරදරවලට ලක්ව දිවයිනට පැමිණීමට නොහැකිව අසරණව සිටි අය බවයි සඳහන් වෙන්නේ.
 
විදේශ රටවල රැකියාව සඳහා ගොස් යලි දිවයිනට පැමිණීමට නොහැකිව සිටින පිරිස් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිස ගෙන්වා තිබේ.
 
අදවන විට විදෙස්ගතවෙන ලාංකික ගෘහ සේවිකාවන් බොහෝමයකට ඒ ඒ රටවලදී විවිද කරදරයන්ට අත්වරයන්ට මුහුණ දීමට සිදුවීම අතිශය ශෝඛජනක තත්ත්වයක්.
 
කෙසේ වෙතත් රටට විනිමය උපයාදෙන මේ පිරිස ගැන මීට වඩා අවදානයක් යොමුකළ යුතු කාලයක් එලැඹී තිබෙන බව නම් පැහැදිලියි.