UAEහි අසරණවී සිටි ලාංකිකයින්ට සහනයක් ලැබෙයි

Namal-Rajapaksha

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස් විවිධ හේතූන් මත අවතැන්ව තානාපති කාර්යාලය අසල උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

එහිදී කොරෝනා උවදුර හේතුවෙන් රැකියා අහිමි වූ සහ නොයෙක් අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන මෙන්ම නොයෙක් හේතූන් නිසා දීර්ඝ කාලයක් තිස්සේ යලි මව්බිමට යාමට නොහැකිව විවිධ ගැටලුවට මුහුණ දී මෙම උද්‍යානයේ රැඳී සිටින තානාපති කාර්යාලයේ ලියාපදිංචි සියලුම ශ්‍රී ලාංකිකයන්, යලි මව්බිමට ගෙන්වා ගැනීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මෙම ඩුබායි සංචාරය අතරතුර දී කටයුතු සම්පාදනය විය.

එමෙන්ම අබුඩාබි තනාපති කාර්යාලයේ ද ලියාපදිංචි අවතැන්ව සිටින තම මව්රට බලාපිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට ද ගුවන් ටිකට්පත් හා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදි.

මෙහිදී එම අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් නැවත මව් රටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අතින් සිදු වූ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සංචාරක අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග සහ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මැතිතුමන්ලාගේ සහයෝගය ලැබුණි.