විදේශයේ අසරණවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් අදත් දිවයිනට

විදේශයේ අසරණවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් අදත් දිවයිනට
ගත වූ පැය 24 තුළ  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් යානා 26ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 2,338 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව සඳහන්.
 
ඒ අනුව ගුවන් යානා 13 කින් ගුවන් මගීන් 1,271 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 296 දෙනෙකු ද, සෞදි අරාබියේ රියාද් සිට 125 දෙනෙකු ඒ අය අතර වෙයි.
 
එලෙස පැමිණි සියලුම දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබෙන අතර මෙම කාළසීමාව තුළ ගුවන් යානා 13කින් ගුවන් මගීන් 1,067දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.
 
ඉන්දියාවේ නවදිල්ලි වෙත 218 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත 185 දෙනෙකු ද පිටත්ව ගොස් තිබේ.