UAEහි පොදු ස්ථානවලට යන්න අලුත් පාස් එකක් හඳුන්වා දෙයි

UAEහි පොදු ස්ථානවලට යන්න අලුත් පාස් එකක් හඳුන්වා දෙයි

අබුඩාබියේ පොදු ස්ථාන බොහෝමයකට හරිත අවසර පත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.මෙම ක්‍රියාවලිය ජූනි මස 15 වෙනි දින ක්‍රියාත්මක වන අතර එය COVID-19 වසංගතය මධ්‍යයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති බවත් සඳහන්.

මෙම ක්‍රියාවලිය තුළ සාප්පු, සංචාරක ආකර්ෂණීය ස්ථාන හෝ අවන්හල් නැරඹීමට කැමති නම් ඔවුන්ට පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබීම අනිවාර්ය වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය විසින් අනුමත කර තිබෙන මෙම හරිත අවසර පත්‍ර ක්‍රියාවලිය අබුඩාබියේ දැනට පවතින COVID 19 ආරක්ෂක පියවරයන් අනුව ක්‍රියාවට නැන්වෙයි.

සාප්පු සංකීර්ණ, විශාල සුපිරි වෙළඳසැල්, ජිම්, හෝටල්, පොදු උද්‍යාන, වෙරළ, පිහිනුම් තටාක, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සිනමා ශාලා, කෞතුකාගාර, අවන්හල් සහ කැෆේ වැනි ආකර්ෂණීය ස්ථාන සඳහා මෙම අවසට පත්‍රය අවශ්‍ය වන බව සඳහන්.

 
මෙම ග්‍රීන් පාස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල එන්නත් ලේඛකාධිකාරය වන අල් හොස්න් යෙදුමෙන් ලබා ගත හැකිය - එහි පුද්ගලයන්ගේ එන්නත් කිරීමේ තත්ත්වය සහ PCR පරීක්ෂණ පිළිබඳ විස්තරද ඇතුළත් වෙයි.