ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිය පත්විම් ලිපිය අද, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් එම අමාත්‍යාංශයේදි ලබා ගත්තේය.

කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු තනතුර සදහා මෙම පත්විම සිදුකර ඇත.

මහින්ද හතුරුසිංහ මහතා මෙම තනතුර ලබා ගැනිමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි තනතුරේ කටයුතු කළේය.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුන්දර අරුමෙයිනායහම් මහතා ඇතුලු පිරිසක් එක්විය.