කොරියානු රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමට පියවර

කොරියානු රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමට පියවර

පවතින කොවිඩ් තත්ත්වය මත ප්‍රමාදවී ඇති කොරියා‍නු රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකිකයන් යැවීම කඩිනම් කිරීම සදහා සියලු පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ( 04) පාර්ලිමේන්න්තුවේ පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලාංකිකයන්හට කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීම සදහා කොරියානු තානාපතිවරයා විශේෂ යෝජනාවක් කළ බවත් අමාත්‍යවරයා පැවසීය. එහෙත් පවතින කොවිඩ් තත්ත්වය තුළ මේ කටයුතු ප්‍රමාද වී ඇති බැවින් මේ සදහා දැනටමත් අදාළ සියලු පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ව‍ලේබොඩ මහතා විසින් කොරියාවේ සේවය සදහා මේ වන විට ශ්‍රී ලාංකිකයන් සදහා අවස්ථාව ඇති බැවින් මේ සදහා වැඩපිළිවෙලක් සකස් විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.