මත්තල ගුවන් තොටුපළින් විශේෂ සහන සහිත නව ගුවන් යානා පැකේජයක්

 මත්තල ගුවන් තොටුපළින් විශේෂ සහන සහිත නව ගුවන් යානා පැකේජයක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ගුවන් යානා වැඩි වශයෙන් ගෙන්වා   ගැනීමේ අරමුණින් විශේෂ සහන සහිත නව ගුවන් යානා පැකේජයක් හඳුන්වාදීමට  කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

 මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්  දක්වමින්   සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ  සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා මෙම නව වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කර තිබෙන බවයි.

 ගුවන්තොටුපල අපනයන බදු වසර දෙකක කාලයක් සඳහා නිදහස් කර ඇති අතර ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහාද වසරක සහන ලබාදී ඇති බවත් ත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරක ආකර්ෂණය හිමි ගුවන් තොටුපළක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී  ගුවන් තොටුපල ආශ්‍රිත හෝටල් පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුව තිබෙන බවයි සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේ.

  එමෙන්ම ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවා බද්දර රාජපක්ෂ ගුවන් තොටුපළ තුළ පුහුණු කිරීමට ද අපේක්ෂා කරන අතර ඒ අනුව ඉදිරියේදී සතියකට භාණ්ඩ ගුවන් යානා හයක් පමණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.