විදෙස්ගතවීම අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රමිකයින්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්!

විදෙස්ගතවීම අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රමිකයින්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්!

විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් පසුවන ලාංකිකයන්ට වැදගත් වන  දැනුම් දීමක් ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.

රැකියා සඳහා විදේශ ගතවීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත වීමට අපේක්ෂාවෙන්  සිටින  ශ්‍රමිකයින්ට සිහිපත් කර දෙයි.

 කාර්යාලය සඳහන් කළේ හි නියාමනය යටතේ ලියා පදිංචි බලපත්‍රලාභීන්  හරහා පමණක් සෘජුවම විදෙස් රැකියා ලබාගැනීමට කටයුතු කළ යුතු බවයි.

 එවැනි   බලපත්‍රලාභි ඒජන්තවරුන් සහ ආයතන 800 ක්  පමණ දීපව්‍යාප්තව පවතින බවත් කාර්යාංශය  මෙහිදී පෙන්වා දෙයි.

රැකියා සඳහා විදේශ ගත කිරීමේ දී යම් ගැටළුවක් මතු වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික දුරකථන අංකය අමතා ඒ සඳහා උපදෙස් ලබාගැනීමටත් කාර්යාංශයේ සේවා ලබාගැනීමට හැකියාව තිබෙන බවත්  ශ්‍රමිකයින්ට දැනුම් දී ඇත.

ඔබත් රට රැකියාවක් සඳහා විදේශ ගතවීමට අපේක්ෂාවෙන් පසුවන වනම් මේ පිළිබඳව දෙවරක් සිතන්න. හරි මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමෙන් ඔබගේ  කාලය,මුදල්,ශ්‍රමය සඳහා වටිනාකමක් ලැබෙනවා සේම ඔබගේ ආරක්ෂාවද සැලසෙනු ඇත.