සිංගප්පුරුව කොවිඩ් සීමා තවදුරටත් දීර්ඝ කරයි

සිංගප්පුරුව කොවිඩ් සීමා තවදුරටත් දීර්ඝ කරයි
දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වැඩිවීම හේතුවෙන් කොවිඩ් -19 සීමා තවත් මාසයකින් දීර්ඝ කිරීමට සිංගප්පුරුව තීරණය කර ඇති විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

පසුගිය 20 වෙනි බඳාදා දින එරටින් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබෙන අතර කොරෝනා ව්‍යාප්තවීම ආරම්භවූ කාලයේ සිට මෙතෙක් එරටින් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය මෙය වන බවයි සඳහන් වෙන්නේ.

එසේම එදින ආසාදිතයින් 3,800ක් වාර්තා වුණි.

අදවනවිට එරටින් වාර්තාවෙන කොවිඩ් ආසාදිතයින් ගණන 169,261ක් වන අතර මියගිය මුළු ආසාදිතයින් ප්‍රමාණය 300කි.139,229 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොවිඩ් සීමාවන නොවැම්බර් 21 වනදා තෙක් දීර්ඝ කෙරෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය මේවනවිට නිවේදනය කර තිබේ.

"සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හොඳටම මහන්සියි. මෙහෙම ගියොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙයි," යනුවෙන්ද කොවිඩ් -19 කාර්ය සාධක බළකායේ සම සභාපති ලෝරන්ස් වොන්ග් විසින් නිවේදනය කර ඇත.

ඔබත් සිංගප්පූරුවේ සේවය කරන අයෙක් නම් නිසියාකාරව සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් ආරක්ෂාකාරීව සිටින්න.