පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ දේහය ලාහෝර් ගුවන්තොටට

පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ දේහය ලාහෝර් ගුවන්තොටට
පසුගිය 02 වෙනිදා පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහය මේවන විට ලාහෝර් ගුවන්තොටුපල වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වේ.
 

ලාහෝර් සිට එම දේහය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 186 දරන ගුවන් යානය මෙරට වේලාවෙන් දහවල් 12ට පිටත් වීමට නියමිතයි.

එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට කොළඹට පැමිණීමට නියමිත අතර පසුව ඔහුගේ ළඟ ම ඥාතීන් වෙත දේහය භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.