රුමේනියා රැකියා ගැන සුභ ආරංචියක්!

රුමේනියා රැකියා ගැන සුභ ආරංචියක්!

ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා සඳහා ගිවිසුම් ගත විය හැක්කේ වසරක කාලයක් සඳහා පමණක් බැවින් එය වසර දෙකක් දක්වා දිර්ඝ කරගැනීමට එරට රජය සමග සාකච්ඡා කරන බව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

දැනටමත් වසරක ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කරනු ලබන අවස්ථා ඇතත් එසේ සිදුකරන්නේ ශ්‍රමිකයාගේ හැසිරීම හා වැඩකිරිමේ හැකියාව මත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රුමේනියා රැකියා සඳහා මේවන විට තානාපති කාර්යාලයේ 800 දෙනෙකුගේ පමණ නාමලේඛනයක් තිබෙන බව කී ජයරත්න මහතා ඉදිරියේදී ඔවුන්ද රැකියාවලට යොමුකිරිමට හැකිවනු ඇතැයි පැවැසීය.

රුමේනියා රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අය කරනු ලබන්නේ ලියාපදිංචි හා පරිපාලන ගාස්තුව, වීසා හා ගුවන් ටිකට්පත් ගාස්තුව පමණක් වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා කාර්යාංශය මගින් විශාල මුදලක් රුමේනියා රැකියා සදහා අයකරන බවට පැතිර යන ආරංචිය සාවද්‍ය බවද සදහන් කළේය.

පියංකර ජයරත්න මහතා මේ අදහස් පළ කළේ රුමේනියා රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමකට ගුවන් ටිකට්පත් භාර දෙන අවස්ථාවේ දීය.