ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු කොරියාව ආක්‍රමණය කරයි -ප්‍රවේශමෙන්!

ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු කොරියාව ආක්‍රමණය කරයි -ප්‍රවේශමෙන්!
ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු කොරියාව ආක්‍රමණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.ඒ හේතුවෙන් අදවනවිට දකුණු කොරියාවේ රෝහල් රැසක් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී ගොස් තිබෙන බවත් සඳහන්.
 
ආසාදිතයින් වාර්තාවීම වාර්තාගත ලෙස ඉහල යාමත් සමඟ දිනෙන් දින රෝහල්ගතව ප්‍රතිකාර කරන ආසාදිතයින් ප්‍රමාණය වැඩි වීමත් ඒ හේතුවෙන් රෝහල්වල තත්ත්වය යුධ පිටියක් සේ දිස්වෙන බවත් වාර්තා වේ.
 
රෝහල් ආසාදිතයින්ගෙන් පිරී යාම නිසා දැඩි සත්කාර ඒකක වලට රෝගීන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයද ඉහළ ගොස් තිබෙන ආතර දැඩි සත්කාර ඒකක ද උපරිම ධාරිතාවයට ලඟාවෙමින් පවතින බවත් සඳහන්.
 

ඔබ දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් අවදානම් බැවින් සැලකිල්ලෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.