කැනඩාවේ යන්න අපේක්ෂාවෙන් සිටින අයට හොඳ ආරංචියක්!

කැනඩාවේ යන්න අපේක්ෂාවෙන් සිටින අයට හොඳ ආරංචියක්!
ලබන වසරේ දී වැඩි පිරිසකට තම රට තුළ "ස්ථීර පුරවැසිභාවය" ලබාදෙන බව කැනඩා බලධාරීන් පවසයි.
 
2021 වසරේදී විදේශිකයින් 401,000 දෙනෙකුට එරටේ "ස්ථීර පුරවැසිභාවය" හිමිව ඇති බව විදෙස් පුවත් සේවා තහවුරු කරයි.
 
ඒසේ ස්ථීර පුරවැසිභාවට ලැබූවන්ගෙන්  බහුතරය මේ වනවිටත් එරට තාවකාලික පදනම මත ජීවත්වෙමින් සිටි පිරිස බවට ආගමන අමාත්‍ය ෂෝන් ෆ්රේසර් පවසයි.
 
කැනඩාව මේ වනවිට තම ජනගහනය වැඩිකර ගැනීමටත් ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීමත් සඳහා පුහුණු ශ්‍රමිකයින් තම රටට ගෙන්වා ගැනීමට කටයුතු කරයි.
 
රට තුළ වැඩිහිටි ජනගහනය ඉහළ යෑම නිසා කැනඩාව, ශ්‍රමිකයින්ගේ ඌනතාවයක් සහිත රටක් ලෙස සඳහන් වෙයි.
   
මේ වසරේ ස්ථීර පුරවැසිභාවය ලැබූ පිරිස, ශත වර්ෂයකදී එවැන්නක් සිදුවූ පළමු වතාව බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.
 
කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේදී එරට ස්ථීර පුරවැසිභාවය ප්‍රදානය කළේ පුද්ගලයින් 185,000කට පමණක් වන අතර එය 2019ට සාපේක්ෂව 45%ක අඩුවීමකි.
 
මේ වනවිට එරට ජනගහනය මිලියන 38ක් පමණ වන අතර එය 1%කින් වාර්ෂිකව වැඩිකර ගැනීම රජයේ ඉලක්කයයි.
 
ඒ් අනුව ලබන වසරේදී තවත් විදේශිකයින් 411,000කට ස්ථීර පුරවැසිභාවය ලබාදීම අරමුණ බව රජය විසින් නිවේදනය කර තිබේ.