කටාර්හි කම්කරු ප්‍රතිසංස්කරණවලට ප්‍රශංසා ලැබෙයි -ශ්‍රමිකයින්ට සුබ කලක්

කටාර්හි කම්කරු ප්‍රතිසංස්කරණවලට ප්‍රශංසා ලැබෙයි -ශ්‍රමිකයින්ට සුබ කලක්

යුරෝපා පාර්ලිමේන්තුවේ මානව හිමිකම් අනුකමිටුවේ සභාපතිනී මරියා අරීනා විසින් කටාර්හි කම්කරු ප්‍රතිසංස්කරණවලට ප්‍රශංසා කර ඇති අතර මානව හිමිකම්වල තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා කටාර් රාජ්‍ය අඛණ්ඩව උත්සාහ කළ යුතු බව අවධාරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කටාර් ජාතික මානව හිමිකම් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘යුරෝපීය සංගමය සහ මානව හිමිකම්’ වැඩමුළුවෙන් පසුව මෙය ප්‍රකාශ කරකර තිබෙන අතර මෙහිදී ඇය පවසා ඇත්තේ කටාර් වල මානව හිමිකම් සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන අතර ඒවා නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුය බවයි.

“2018 සිට කටාර් ජාතික මානව හිමිකම් කමිටුව විසින් බොහෝ ප්‍රතිසංස්කරණ සම්මත කර ඇත. කෆාලා ක්‍රමය අහෝසි කිරීම, අවම වැටුප හඳුන්වාදීම, සේවා ස්ථාන සෞඛ්‍ය සහ ආරක්‍ෂිත යාන්ත්‍රණයන්, සමාජ අරමුදලක් නිර්මාණය කිරීම සහ තවත් බොහෝ දේ මේ සඳහා ඇතුළත් වේ. මෙම ප්‍රතිසංස්කරණ වැදගත් නමුත් ඒවා නිවැරදිව ක්‍රියාත්මක කිරීම, ඇගයීම සහ පසු විපරම් කිරීම අවශ්‍ය වේ.”ඇරීනා පැවසීය.