ජපන් යන ලාංකිකයන්ට පාර කියන්න දොරටුවක් -මේ සුබ ආරංචිය ඔබටයි

ජපන් යන ලාංකිකයන්ට පාර කියන්න දොරටුවක් -මේ සුබ ආරංචිය ඔබටයි

ජපානයේ රැකියා වලට එන  ලාංකිකයන්ගේ පහසුව සඳහා තොරතුරු පැකේජයක් හඳුන්වා දීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

ජපාන රැකියා සඳහා යන ලාංකිකයන්ට අවශ්‍ය සියලු මග පෙන්වීම් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති එම තොරතුරු පැකේජයෙන් ලබා ගත හැකි බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා පැවසීය.

ජපානයේ රැකියා ලබාදීම සඳහා පවත්වන විභාග තොරතුරු, විශේෂ නිපුණතා ශ්‍රමික වැඩසටහන යටතේ කෙරෙන බඳවා ගැනීම් පිළිබඳ විස්තර, ජපානයේ රැකියා සඳහා බඳවා ගන්නා ආයතන 123 ක සියලු විස්තර මෙහි ඇතුළත් කර තිබෙන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.



ජපානයේ රැකියා ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු  සුදුසුකම් පිළිබඳ විස්තර ද විභාග  පවත්වන දිනයන්, ආගමන විගමන තොරතුරු ආදියද මෙහි ඇතුලත් කර ඇති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා කීය.

"slembassyjapan.com"වෙබ් අඩවියට ප්‍රවේශ වී එම තොරතුරු ලබා ගත හැකි බව ද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.