මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (26) යෙදී තිබෙනවා. මෙවර එම දිනයේ තේමාව වී ඇත්තේ “සෞඛ්‍ය හා මානුෂීය අර්බුධ හමුවේ මත්ද්‍රව්‍ය අර්බුධය ජය ගනිමු” යන්නයි.

අප රටේ පමණක් නොව ලෝකයේම තරුණයින් වෙළාගෙන ඇති මත්ද්‍රව්‍ය සෑම රටකම සංවර්ධනයට බාධාවක්ව නැඟී සිටිමින් සිටියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට ද පොදුය. විශාල මුදල් ඉපයීම් උදෙසා මත්ද්‍රව්‍ය මහා පරිමාණ ව්‍යාපාරිකයන් අන්තර්ජාතික මට්ටමින් කටයුතු කරමින් සිටියි. ඒ අනුව මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අනාගත පරපුර එමෙන්ම රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම නිසා රටේ ආර්ථිකය ද ක්‍රමයෙන් පහත වැටෙමින් පවතී. මේ තත්ත්වය වෙනස් කිරීමට මෙතෙක් බිහිවූ කිසිදු පාලකයෙකුට නොහැකි වීම පුදුමයට කරුණකි.

අද දිනය වෙනුවෙන් අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලය විසින් විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබේ.