මිනිස් ජාවාරම් මඩින්න ඕස්ට්‍රේලියාවෙන් තල්ලුවක්

මිනිස් ජාවාරම් මඩින්න ඕස්ට්‍රේලියාවෙන් තල්ලුවක්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා පරිගණක,පරිගණක උපාංග,කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ යතුරු පැදි ප්‍රදානයක් සිදුකර තිබේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර ගණනාවක සිට මිනිස් ජාවාරම් කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙම මිනිස් ජාවාරම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ස්වකීය ප්‍රශංසාව පළ කිරීමටත්, දෙරට අතර මිත්‍රත්වය වඩා තහවුරු කිරීමටත් මෙවැනි අවස්ථා වඩා වැදගත් වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කෙළ්ය.

පසුගිය දිනවල ඔ්ස්ට්‍රෙලියාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ දැරූ බොහෝ පිරිසක් නීතියේ රැහැණට හසුවූ අතර රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ ජීවිතය පරදුවට තබා පැන යාමට දරන උත්සාහයන් වැඩිවී තිබීම කනගාටුදායකය.