හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය තවත් 54ක් මාට්ටු

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය තවත් 54ක් මාට්ටු
බහුදින යාත්‍රාවකින්  නීති විරෝධී ලෙස  ඕස්ට්‍රේලියාව  බලා  ගමන් කරමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකු මඩකළපුව  මුහුදු ප්‍රදේශයේ ඊයේ (26) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
 
මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිස  ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.
 
මෙම පිරිස වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත බාරදීමට නියමිතය.