රට රැකියා සඳහා ලාංකිකයින් වැඩි පිරිසක් ලියාපදිංචි වෙයි

රට රැකියා සඳහා ලාංකිකයින් වැඩි පිරිසක් ලියාපදිංචි වෙයි

මේ වසර තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ ගණන  පසුගිය 08 වෙනි දා වනවිට  241,034 ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ ඉලක්කය වී ඇත්තේ මේ වසර තුළ තුන්ලක්ෂ තිස්දහසක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීමය.

මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් ගණන සාමාන්‍යයෙන් දෙලක්ෂ අසූදහසත් තුන්ලක්ෂයත් අතර ප්‍රමාණයක පවතී.

වැඩිම පිරිසක් විදේශගතව ඇත්තේ 2014 වසරේ වූ අතර එම ගණන 300,703 බව මහබැංකු වාර්තාවේ සඳහන්ය.

2016 වසරේ සිට විදෙස් රැකියා සඳහා පිටත්වීම ක්‍රමිකව අඩුවූ අතර කොවිඩ් වසංගතය බලපෑ 2020 වසරේ එම ප්‍රමාණය 53,711 දක්වා අඩුවුණි.