චාගෝස් දූපත් සමූහයේ ශ්‍රී ලාංකික සරණාගතයින් ගැන අලුත් තීරණයක්

චාගෝස් දූපත් සමූහයේ ශ්‍රී ලාංකික සරණාගතයින් ගැන අලුත් තීරණයක්
බ්‍රිතාන්‍යය පාලනය යටතේ ඇති චාගෝස් දූපත් හි සරණාගතභාවය අපේක්ෂාවෙන් පසු වූ ශ්‍රී ලාංකික සරණාගතයන් 120දෙනෙකු ආරක්ෂිතව වෙනත් රටක් වෙත යොමු කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. 
 
අදාළ සරණාගතයන් පිරිස ස්වකැමැත්තෙන් යළි ශ්‍රී ලංකාවට යාමට අකමැත්ත පළ කර ඇති බැවින් ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව  විදෙස් වාර්තා සදහන් කරයි. 
 
දැනට චාගෝස් දූපත් සමූහයට අයත් දියාර්ගෝගාෂියා දූපතේ කදවුරක මෙම සරණාගතයන් රඳවා තිබේ.
 
චාගෝස් දූපත් සමූහයේ අයිතිය පිළිබදව මේ වන විට පවතින ගැටලු‍ සහගත තත්වය හේතුවෙන් මෙම සරණාගතයන් පිළිබද කඩිනම් තීරණයක් ගැනීමට බ්‍රිතාන්‍යය බලධාරීන්ට සිදුව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි. 
 
එම දූපත්වල අයිතිය පිළිබද බ්‍රිතාන්‍යය සහ මුරුසි දිවයින අතර ආරවුලක් පැවතුණු අතර පසුව අධිකරණය විසින් තීන්දු කරනු ලැබුවේ  චාගෝස් දූපත් සමූහයේ අයිතිය මුරුසියට හිමිවිය යුතු බවටයි.