ලාංකික ගෘහ සේවිකාවන් 5කට සෞදියේදී අත්වූ ඉරණම?

ලාංකික ගෘහ සේවිකාවන් 5කට සෞදියේදී අත්වූ ඉරණම?
ලාංකික ගෘහ සේවිකාවන් 5 දෙනෙකු වද හිංසාවට ලක්කරමින් සෞදියේ සකාක්හි ගොඩනැගිල්ලක සිරකර සිටින බව වාර්තා වී තිබේ.
 
කුරුණෑගල පෞද්ගලික ඒජන්සියක් මාර්ගයෙන් ගෘහ සේවිකාවන් ලෙස සෞදියේ රැකියා සඳහා ගිය කාන්තාවන් පස් දෙනෙක් මෙලෙස සෞදියේ සිරකරගෙන සිටින බවත් අනාවරණය වී ඇත.
 
අදාළ ස්ථානයේ සිට නිදහස් වී දිවයිනට පැමිණි ඇහැලියගොඩ කාන්තාවකගෙන් එම තොරතුරු අනාවරණ වී තිබෙන අතර කුරුණෑගල පෞද්ගලික ඒජන්සියේ සෞදියේ පිහිටි ගොඩනැගිල්ලක දැනට සිරකර සිටින කාන්තාවන් දැඩි වද හිංසාවට ලක්වන අතරම ඔවුන්ට නිසි පරිදි ආහාර පවා නොලැබෙන බවටත් එහිදී තොරතුරු හෙලිවී තිබේ.
 

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.