ඕමානයේ මිනිස් ජාවාරමේ ප්‍රධානින් සොයා මෙහෙයුම් දියත් වෙයි

ඕමානයේ මිනිස් ජාවාරමේ ප්‍රධානින් සොයා මෙහෙයුම් දියත් වෙයි
ඕමානයට කාන්තාවන් යවා සිදුකරන මිනිස් ජාවාරම පසුපස සිටින ප්‍රධානීන් සෙවීමට රහස්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.  ඊයේ (29දා) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ඕමාන තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්ගේ දුරකථන වාර්තා හා බැංකු ගිණුම් වාර්තා මගින් මෙම ජාලය ගැන තොරතුරු සෙවීම මෙලෙස ආරම්භකල බවයි සඳහන් වෙන්නේ.
 
මෙම ජාවාරමට සම්බන්ධ මහා පරිමාණ ඒජන්සිකරුවන් විසින් දැනට මේ සම්බන්ධ අත්අඩංගුවට පත්වන පිරිස්වලට නීතිඥ සහය ලබාගැනීම සඳහා මුදල් වියදම් කිරීමටද සූදානම් වන බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
 
මෙම ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ වූවන් ගැන සොයා කරන විමර්ශනවලට අදාළව තවදුරටත් ප්‍රධාන සැකකරුවන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. මෙම ජාවාරම ගැන තොරතුරු පිටතට යාම සම්බන්ධව හා විමර්ශන දිගින් දිගට යාම සම්බන්ධව ජාවාරම්කරුවන්ට සහය දක්වන දේශපාලන අධිකාරියෙන් විරෝධයක් මතුවී ඇතැයි අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය.
 

මෙම මිනිස් ජාවාරම ගැන නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා නමැති අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම විමර්ශන සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයද ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.