ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කතුන් ඕමාන් යැවීමට තැත්කල උම්මා අක්කා රිමාන්ඩ්
විදේශ රැකියා ලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශ ගත වීමට උත්සහකල කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපල නිළධාරීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකරන ලදී. මෙහිදී ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොළඹ ආදුරුප්පු වීදියේ උම්මා අක්කා නැමැති කාන්තාවක් පිළිබදව අණාවරණය කරගෙන ඇති අතර, යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා විදේශ ගතවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම කාන්තාවගේ නිවසේ මාස එකහමාරක කාලයක් නැවතී සිට ඇත. මොවුන් දෙදෙනාට විදේශ ගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම උම්මා අක්කා නම් කාන්තාව සිදුකර දීඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිළධාරීන් 2022.06.26 දින ඇයව අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට පත් මෙම මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව මීට තවත් පුද්ගලයකු සම්බන්ධ බව පවසා ඇතත් ඔහුගේ තොරතරු විමර්ශන නිළධාරීන්ට පැවසීමට ඇය අපොහොසත් වී ඇත. සැකකාරිය මීගමු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2022.12.08 දින දන්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ සරත් විමලවීර ,මිහිරාජ් චාමින්ද ,එම් කේ සුමනවීර, කේ එල් එන් දමයන්ති,ගයේශා සුභාෂිනි යන නිලධාරීහු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.