විදෙස් රැකියා සඳහා පිටත්ව යන්නන් තව තවත් ඉහළ යයි

විදෙස් රැකියා සඳහා පිටත්ව යන්නන් තව තවත් ඉහළ යයි
සිය කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා දෛනිකව 850 දෙනෙකු පමණ විදෙස් ගතවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 
 
එහි පුහුණු සහ බදවාගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ගාමිණී සෙනරත් යාපා පවසා ඇත්තේ  මේ වසර තුළ දෙලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
 

එහෙත් සෞඛ්‍ය අංශ, උසස් අධ්‍යාපන අංශය වැනි ක්ෂේත්‍රවල විශේෂඥයින් රට හැරයාම දැවැන්ත ප්‍රශ්නයක් බවත්, එම හිඩැස පිරවිය නොහැකි බවත් බොහෝ දෙනා පෙන්වාදෙයි.