රට යන්න බලන් ඉන්න අයට සුභ පණිවිඩයක්

රට යන්න බලන් ඉන්න අයට සුභ පණිවිඩයක්

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් පසුවෙන මොනරාගල දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සුබ පණිවිඩයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 ඒ අනුව දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල - බිබිල මාර්ගයේ පුහුණු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමට නියමිතය.

 මෙම තීරණය අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව හිමිවේ.

 කම්කරු අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.