රට විරුවන්ගේ සහය රටට ගන්න නව කාර්යාලයක්

රට විරුවන්ගේ සහය රටට ගන්න නව කාර්යාලයක්
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව වාර්තා වේ.
 
ජනාධිපතිවරයා විසින් 2022 අතුරු අයවැය මගින් මෙය යෝජනා කර තිබෙන අතර එහි කටයුතු විධිමත්ව පවත්වාගෙනයාමටත්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බවද සඳහන්.
 

ඒ අනුව එතෙර සිටින මිලියන 3ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිවන පරිදි යෝජිත "විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා කාර්යාලය" ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කලේ.