ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශගත වීම 2022 වසරේදී

ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශගත වීම 2022 වසරේදී
ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ ගතවුනේ මේ වසරේදී. විදේශ ගතවූ ප්රේමාණය ලක්ෂ 3 ඉක්මවයි. අමාත්යය මනුෂ නානායක්කාර පවසයි.
 
මේ වසරේදී ශ්රිම ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්යාවව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්යශ මනුෂ නානායක්කාර මහතා ප්රලකාශ කළේය.
 
අමාත්ය්වරයා මෙම අදහස් පළකළේ, ජාත්ය න්තර සංක්රකමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (12/18) ශ්රී් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
 
තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්යුවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්ර මාණය 300- 400 අතර ප්රමමාණයක් වුවත්, තමන් මෙම අමාත්යාං ශය භාරගත් පසුව එක් මසකට ශ්රිය ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්යඑ පියවර ගත් බව අමාත්යයවරයා ප්ර කාශ කලේය. ඒ අනුව අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. එය 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය ශ්රිි ලාංකිකයින් පිරිසයි. මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්යයයටයි. එය 76,579කි. කටාර් රාජ්යකයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්රිමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇත.
 
විදේශ රැකියා සඳහා ශ්රෙමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්යාදනුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව අමාත්යකවරයා කීවේය. විදේශගත ශ්රෙමිකයින් සඳහා වාහන ආනයන බලපත්රායක් හඳුන්වාදීම, මනුසවි විශ්රා ම වැටුප් ක්රදමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්යබවරයා කීය. විදේශ ගතවන ශ්රරමිකයාට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා “Hope Gate” නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්යගවරයා පැවසීය.
 
තවද ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කරන බවත්, ඒ වෙනුවට ජාත්ය න්තර ප්ර මිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් (Advance House Keepers) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්යග පියවර ගන්නා බවත් ප්රසකාශ කලේය.
 
විදේශ රැකියාවක නිරතව සිට අපහසුවෙන් උපයාගත් මුදලින් තමන්ගේම ව්යාෘපාර ආරම්භ කර ව්යේවසායකයින් වශයෙන් ජීවිතය ජයගත් ශ්රිි ලාංකිකයින් පස් දෙනෙකු ඇගයීමද මෙම අවස්ථාවේදී අමාත්යරතුමා විසින් සිදුකරන ලදී.
 

Voice of Migrants (VOM) හා Solidarity Foundation සංවිධාන එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්යාං ශයේ අතිරේක ලේකම් ප්රසදීප් හපුතන්ත්රිය, ශ්රිය ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්රං කුමාරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

මූලාශ්‍රය - SLBFE Face book