ග්ලෝකල් ෆෙයා 2023 රැකියා පොළ උතුරට

ග්ලෝකල් ෆෙයා 2023 රැකියා පොළ උතුරට

ග්ලෝකල් ෆෙයා 2023 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ රැකියා පොළ සහ ජංගම සේවාවේ පළමු අදියර, දේශිය හා ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ලබන වසරේදී  යාපනය නගරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

“ග්ලෝකල් ෆෙයා ගාල්ලෙන් පටන් ගත් අතර, එහිදි ගාල්ලේ තරුණ තරුණියන් දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කරන ගමන් කම්කරු හා සේවක අර්ථසාධක අරමුදල් පිළිබද ප්‍රශ්න ඇතුළු කම්කරු ක්ෂේත්‍රයේ පැන නගින සියලු ම කරුණු කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට හැකිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ජාත්‍යන්තර රැකියා වෙළෙදපොළ හදුන්වා දීම, කම්කරු ප්‍රශ්න නිරාකරණය ඇතුළු කොළඹ කේන්ද්‍රීය සියලු සේවාවන් උතුරේ ප්‍රධාන නගරය වන යාපනයේ දී ඉටුකර දීමටත්, ඒ කාලසීමාව තුළ ඉදිරිපත් කරන සියලු ප්‍රශ්න විසදන්නත් බලාපොරොත්තු වන ඔහු වැඩිදුරටත් පවසා සිටියා