ඕමාන සිද්ධියේ වින්දිතයන්ට අවම පහසුකම් වත් නෑ-25 ක් ගෙන්වන්න සූදානම්

 ඕමාන සිද්ධියේ වින්දිතයන්ට අවම පහසුකම් වත් නෑ-25 ක් ගෙන්වන්න සූදානම්
ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටියදී විවිධ පීඩාවන්ට ලක්ව බේරාගැණුනු කාන්තාවන් 115 දෙනෙකුගෙන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබේ.
 
ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමත් සමඟ බැව් ආරංචි මාර්ග පවසයි.
 
එලෙස පීඩාවට පත්ව සිටින කාන්තාවන් 115 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත නිවස්නයක රඳවා සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 
 
කෙසේ වෙතත් මෙම කාන්තාවන් රැදී සිටින ආරක්ෂිත නිවස්නයයෙහි අවම පහසුකම් හෝ නොමැතිවීම හමුවේ කාන්තාවන් ඉන් පැනයාමේ තත්ත්වයක් මතුව ඇති බව විමර්ශන නිලධාරින් පෙන්වා දෙයි.
 
මේ අතර මෙරට කාන්තාවන්ට සිදුවූ ලිංගික අඬත්තෙට්ටම් ඇතුළු හිරිහැර සම්බන්ධ සිද්ධීන් 15 ක් පිළිබඳ අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පවසයි.