කොරියාවේ රැකියා අපේක්ෂකයින්ගේ සිහින මල්ඵල ගැන්වෙයි

කොරියාවේ රැකියා අපේක්ෂකයින්ගේ සිහින මල්ඵල ගැන්වෙයි

2023 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික රැකියා අපේක්ෂකයින්ට වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍ර සඬ්හ්හා විභාග අයඳුම්පත් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ 2023.02.13 වෙනි දින සිට 2023.02.22 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙන බව දැනුම්දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ පලකර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

ඔබත් කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් හැකි ඉක්මනින් ඔබගේ අයඳුම්පත්‍රය මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමුකරන්න.

 

korea