රට ගිහින් ලංකාවට පැමිණි අයට කර්යාංශයෙන් අඩු සහන ණයක්

රට ගිහින් ලංකාවට පැමිණි අයට කර්යාංශයෙන් අඩු සහන ණයක්
විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින ලාංකික ශ්‍රමිකයින්ගේ ජීවිත නඟා සිටිවීමේ අරමුණින් නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු සහන පොලියට ණයක් ලබා දීමට තීරණය කර තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
 
ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, විදෙස්ගත ශ්‍රමිකයින්ට මිලියන 02ක් දක්වා අඩු පොලියට ණය පහසුමක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව තිබෙන බවයි.
 

එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බිලියන 5ක යොමු කරලා. කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා". යනුවෙනි.