සෞදියේ සේවයට ගොස් රෝගී වු කාන්තාවක් කාර්යාංශය මැදිහත් වී ගෙන්වා ගැනේ

සෞදියේ සේවයට ගොස් රෝගී වු කාන්තාවක් කාර්යාංශය මැදිහත් වී ගෙන්වා ගැනේ

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් සේවයට ගොස් සිටියදී අසනීප තත්වයෙන් පසුවූ කාන්තාවක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර මාස 2ක් තුළ දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

මාතර, වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි හංසනී දිල්රුක්ෂි මහත්මිය කාර්යාංශයේ ලියාපදිංචි වී 2023.01.15 දින ගෘහ සේවිකාවක වශයෙන් සෞදි අරාබිය වෙත ගොස් ඇති අතර, එහිදී ඇයට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් දිවයිනට ගෙන්වා දෙන ලෙස ඇයගේ සැමියා විසින් 2023.07.17 දින කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශ නිළධාරින් මෙම ගැටළුව සෞදි අරාබියේ රියාද්හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත වාර්තා කර තිබේ. තානාපති කාර්යාල නිළධාරින් විසින් ඇයව සිය භාරයට රැගෙන සුරක්ෂා නිවාසයේ රැඳවීමට කටයුතු කර, එරටදී ඇයගේ ලේඛනවල කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව  (2023.09.19) දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවිය.

රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට එරටදී මුහුණදීමට සිදුවන ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරනු ලබයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් සම්බන්ධව ලැබෙන පැමිණිලි හා ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෞද්ගලිකවම සිය අවධානය යොමුකරනු ලබන අතර, ඒ අනුව කාර්යාංශය වෙත පැමිණිලි කර දින 2ක් තුළ ගිරිබාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද පසුගියදා දිවයිනට ගෙන්වා ගැනීමට කාර්යාංශය විසින් කටයුතු කරන ලදී.