ඕමානය සිරකරුවන් 300කට වඩා වැඩි පිරිසක් නිදහස් කරයි

ඕමානය සිරකරුවන් 300කට වඩා වැඩි පිරිසක් නිදහස් කරයි

ඕමානය සිරකරුවන් 300කට වඩා වැඩි පිරිසක් නිදහස් කර ඇති බවට  විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මුහම්මද් නබිතුමාගේ උපන් දිනය නිමිත්තෙන් සිරකරුවන්ව නිදහස් කරන ලෙස ඕමාන් සුල්තාන්, හයිතම් බින් තාරික් නියෝග කර තිබෙන අතර ඒ නියෝගයත් සමඟ මෙලෙස සිරකරුවන් 300කට අධික ප්‍රමාණයකට නිදහස හිමිවී තිබේ.

සිරකරුවන් 325 දෙනෙකු නිදහස් කර ඇති අතර, ඉන් 141 දෙනෙකු විදේශිකයන් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.