වාර්ෂිකව පුහුණු හෙද හෙදියන් 500කට එංගලන්තයේ රැකියා

වාර්ෂිකව පුහුණු හෙද හෙදියන් 500කට එංගලන්තයේ රැකියා

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන IIHS  (iihsciences.edu.lk) ආයතනය එංගලන්තයේ සෞඛ්‍ය සේවා සපයන ප්‍රධානම ආයතනයක් වන NHS East of England සමඟ ඓතිහාසික ගිවිසුමකට එළැඹිණි. IIHS ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සහ James Paget University Hospital හෙද අධ්‍යක්ෂ පෝල් මොරිස් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට NHS East of Englandහි අධ්‍යක්ෂවරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස Paul Morris, Neil Fisher, Emms Wakelin, Dayani Baiai යන මහත්ම මහත්මීන් ඇතුළු 15කින් යුත් කණ්ඩායමක් සහභාගි වූහ. මෙම ගිවිසුමට අනුව IIHS ආයතනය වාර්ෂිකව පුහුණු හෙද හෙදියන් 500ක් එංගලන්තයේ සේවය සඳහා යැවීමට නියමිතය. වාර්ෂිකව එංගලන්තයේ සෞඛ්‍ය සේවා සඳහා හෙද හෙදියන් 50000ක් අවශ්‍ය වේ.

NHS ආයතනය පිරිනමන මෙම රැකියා ලබා ගැනීමට IIHS ආයතනය හෙද හෙදියන් සඳහා සය මාසික විශේෂ පුහුණු පාඨමාලාවක් පවත්වයි. පාඨමාලාව සඳහා බැංකු ණය පහසුකම් ලබා ගැනීමට ද IIHS ආයතනය සහාය දක්වයි. ශ්‍රී ලංකා රජයේ පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ සංකල්පයට අනුකූලව මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හෙද හෙදියන්ට මෙම සය මාසික පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැකිය. 

එංගලන්තයට යන හෙද හෙදියන්ට සිය සැමියා හෝ බිරිඳ නීත්‍යනුකූලව එරටට ගෙන්වා ගත හැකි අතර ඔහුට හෝ ඇයට පූර්ණ වශයෙන් රැකියාවක් ද කළ හැකිය. එසේ යන සැමියා හෝ බිරිඳ සෞඛ්‍ය සේවා සහකාර ලෙස පුහුණු කිරීමට ද IIHS ආයතනය ක්‍රියා කරයි. මේ අවස්ථාව ලැබුණේ NHS ආයතනය අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය නිසයි. අපගේ අධ්‍යාපන ක්‍රියාදාමයේ ඇති විනිවිදභාවය අපව තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක්.” IIHS ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.