ගෙවුණු මාස 8ට පවුල් ප්‍රේෂණ තවත් ඉහළට

ගෙවුණු මාස 8ට පවුල් ප්‍රේෂණ තවත් ඉහළට
අගෝස්තු මස පමණක් ඩො.මි 577.5ක් 
මාස 8ක කාලයට ඩො.බි 4.28ක් 
----------------
 
2024 අගෝස්තු මාසය තුළ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 577.5 ක් ලෙසින් වාර්තා වී තිබේ.
 
ශ්‍රී ලංකා මහබැංකුවේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන පරිදි මේ සමඟ 2024 ජනවාරි - අගෝස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,288.2 ක් හෙවත් ඩොලර් බිලියන 4.28 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙය 2023 වසරේ මුල් මාස 08 තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 3,862.7 හා සැසඳීමේ දී 11% ක වර්ධනයක් බැව් කිව හැකිය.