ඕස්ට්‍රේලියාවේ Keysborough හි ශ්‍රී ලාංකික නිවසකට ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියාවේ Keysborough හි ශ්‍රී ලාංකික නිවසකට ප්‍රහාරයක්
ඕස්ට්‍රේලියාවේ Keysborough ප්‍රදේශයේ ශ්‍රී  ලාංකික පවුලක් වෙසෙන නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය අද වාර්තා කර තිබේ..
 
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Keysborough ප්‍රදේශයේ ශ්‍රී ලාංකික පවුලක් වෙසෙන නිවසකට ඉකුත් සෙනසුරාදා උදෑසන 7 ට පමණ පැමිණි සිව් දෙනකු ප්‍රහාරයකට සැරසෙන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණි..
 
ඔවුන් කළු පැහැති ඇඳුමින් සැරසී තියුණු ආයුධ සහිතව පැමිණ සිටි බවත්, ප්‍රහාරයේ අවදානමට මුහුණ පෑ ශ්‍රි ලාංකිකයා ඔවුන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අයුරු ද CCTV කැමරාවල පටිගතව තිබුණු බව සඳහන්ය.
 
පිරිස පලායාමට උත්සාහ කළ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයා මෝටර් රථයේ සහ සැකකරුවන්ගේ ඡායාරූප ලබාගැනීමටද, යුහුසුළු වූ වී ඇත.
 
ප්‍රහාරයට පැමිණි පුද්ගලයින්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ සිය මෝටර් රථය පැහැර ගැනීම විය හැකි බවට සිද්ධියට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයා එරට මාධ්‍ය වෙත පවසා තිබේ.
 

මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.