UAE රාජ්‍ය විදෙස් රටවලට සංචාරක වීසා නිකුත් කිරීම අරඹයි

UAE රාජ්‍ය විදෙස් රටවලට සංචාරක වීසා නිකුත් කිරීම අරඹයි

එක්සත් අරාබි   එමීර් රාජ්‍යය විසින්  එරටට පැමිණෙන සංචාරකයින් සඳහා සංචාරක වීසා නිකුත්  කිරීමට  තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තීරණයට  අනුව covid 19 එන්නතේ  මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින්ට පසුගිය අගෝස්තු තිස් වෙනි දින සිට යලි සංචාරක වීසා නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර මේ සම්බන්ධයෙන්  එමීරයේ  ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  ඇතුළු වීම තහනම් කර ඇති රටවල් වල පුද්ගලයින්ට  covid 19 පරීක්ෂණයකට ද මුහුණදීමට සිදුවෙන බවයි  ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.