UAE හි කාලගුණය අයහපත් -ප්‍රවේශමෙන් කටයුතු කරන්න!

UAE හි කාලගුණය අයහපත් -ප්‍රවේශමෙන් කටයුතු කරන්න!
එක්සත් අරාබි එමීරයේ ඇතැම් ප්‍රදේශවලට අයහපත් කාලගුණික තත්ත්වයක් බලපැවැත්වෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
විශේෂයෙන් සාජාහි Wadi Al Hilo සහ Fujairahයන ප්‍රදේශවලට හිම කැට සහිත හද වැසි තත්ත්වයක් බලපැවැත්වෙන බවයි එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ.
 
තවද ඇතැම් ප්‍රදේශවලට වැසි සමඟ වැලි කුණාඋ තත්ත්වයක්ද මතුවිය හැකි බවට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අනතුරු හැඟවීමක්ද නිකුත් කර ඇත.
 
ඉදිරි දිනවට එළිමහනේ වැඩි වේලාවක් රැඳී සිටිනවා නම් වඩාත් ප්‍රවේශම්කාරී විය යුතු බවත් හැකිතාක් එළිමහනේ ක්‍රියාකාරකම් අඩුකරන ලෙසත් මධ්‍යස්ථාන UAE හි සිටින සියළුම දෙනාට සිහිපත්කර දී තිබේ.
 
ඇතැම් අවස්ථාවල වැසි තත්ත්වයත් සමඟ පරිසරයේ අඳුරු ස්වභාවයක් ඇතිවන අතර දෘෂ‍යභාවය අවම මටමක පැවතිය හැකි බැවින් රියධාවනයේදී පවා ප්‍රවේශම්විය යුතු බව සිහිපත්කරයි.
 
තවද දූවිලි කුණාටු ඇතිවීමේ අවදානමද පවතින බැවින් කාලගුණික තත්ත්වයන් ගන අවධානයෙන් පසුවෙන ලෙසයි වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.
 
ඔබත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඉදිරි දින කිහිපය වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.