කටාරය කොරෝනා නීති රීති ලිහිල් කිරීමට සැරසෙයි

කටාරය කොරෝනා නීති රීති ලිහිල් කිරීමට සැරසෙයි
කටාර් රාජ්‍ය එරට තුළ බලපැවැත්වෙන කොරෝනා නීති ක්‍රමයෙන් ලිහිල් කිරීමට සූදානම් වෙන බව නිවේදනය කර තිබේ.
 
එම තීරණයට අනුව කොරෝනා නීති රීති අදියර හතරක් යටතේ ලිහිල් කිරීමට කටයුතු සූදානම්කර තිබෙන අතර පළමු අදියර 2021 මැයි මස 28 වෙනි දින සිට ජූලි 30 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
 
එක් අදියරකින් තවත් අදියරකට නීති රීති ලිහිල් කිරීම සිදුවන්නේ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් වන අතර එක් අදියරක අවම කාලසීමාව සති තුනක් වන බවත් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
 

 තවදුරටත් වැඩබිම පුවත් කියවන්න...
 

 
පළමු අදියර යටතේ එන්නත් ලබාගත් පුද්ගලයින් පස් දෙනෙක්ට ගෘහස්ථව හමුවීමට අවස්ථාව හිමිවෙන අතර කොන්දෙසිවලට යටත්ව මුස්ලිම් පල්ලි තුළ දිනපතා යාඥා කටයුතු කිරීමටද අවස්ථාව හිමිවෙයි.