සෞඛ්‍ය සේවයේ අද (01) දින ඒකාබද්ධ වර්ජනයක්

සෞඛ්‍ය සේවයේ අද (01) දින ඒකාබද්ධ වර්ජනයක්

ලක්ෂයකට අධික සෞඛ්‍ය  කාර්‍යමණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින්, වෘත්තීය සමිති 72ක් ඒකාබද්දව හෙට උදෑසන 6.30 දීපව්‍යාප්ත සෞඛ්‍ය වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ. එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වර්ජනය අවසන් කිරීම පිළිබඳ තීර්ණය කිරීම සඳහා හෙට දහවල් 2ට, නායකත්ව සමුළුවක් කැඳවා තිබේ. රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන ප්‍රතිචාර සහ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා සිදුකරනු ලබන අනිසි මැදිහත්වීම් පිළිබඳව සලකා බලමින් එම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.

තවද සියළු ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මාතෘ රෝහල්හී සියළු සේවාවන් ස්වෙච්චාවෙන් සැපයේ. එම රෝහල් ඉදිරිපිට හෙට දහවල් 12ට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වන බවත්, මානසික සෞඛ්‍ය විද්‍යායතනය, මධ්‍යම ඒ බැංකුව සහ වකුගඩු රෝහල් සඳහා විශේෂිත ස්වේච්චා සේවාවක් සැපයව බවත්ය. හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් සියළු රෝහල් හී පැවැත්වෙන නමුත්, ආයතන ප්‍රධානීන් ලෙස කටයුතු කරමින් සිටින වෛද්‍ය වෘත්තිකයින්ගේ අනවශ්‍ය මැදිහත්වීම් සිදුවන රෝහල්හී සම්පූර්ණ සේවාවන් නතරවීම පිළිබඳ කිසිදු වගකීමක් බාරගනු නොලබන බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.