රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය වෘත්තීය සාමාජිකයින් වෙත යොමු කර ඇති සංදේශයට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා පිළිතුරු ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනූව මෙම අරගලය කඩාකප්පල් කිරිම සඳහා මැදිහත් නොවන ලෙසත්ය.
එම ලිපිය පහතින් දැක්වේ.
සෞඛ්‍ය ආයතන වල සේවය කරුනු ලබන වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් යොමු කරන ලද විවෘත සංදේශය පිළිබඳවයි.
අදාල සංදේශය තුල ඉතා සාවද්‍ය කරුණු රැසක් ඇතුලත් කර ඇති බවත්, එමඟින් වෛද්‍ය වෘත්තිකයන් නොවන අනෙකුත් වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොමඟ යැවීමට උත්සහ දරණ බවත්, ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන අතර විධිමත් සහ සදාචාරාත්මක වෘත්තීය සමිති සන්ධානයක් ලෙස ඒ පිලිබඳව සාකච්ඡා කිරීමටත් සහ ඔබ නොදන්නා කරුණු පිළිබඳව ඔබව දැනුවත් කිරීමටත් කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
එසේම ලිපියෙහි සඳහන් අන්දමටම වසර සියයකට අධික ඉතිහාසයක් ඇති වෘත්තීය සමිතියක් ලෙස වෙනත් වෘත්තීය සමිතියක සාමාජිකයන් විවෘතව ආමන්ත්‍රණය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් කඩාකප්පල් කිරීමට නිල වශයෙන් දායක වීම හරහාම ඔබගේ වෘත්තීය සමිතියෙහි සදාචාර සම්පන්න බව අභියෝගයට ලක් වන බවත් අවධානරණයෙන් යුතුව පෙන්වා දෙමු.
කෙසේ නමුත් එම ලිපියෙහි සඳහන් මූලික කරුණු කිහිපයක් පිළිබඳව පමණක් අපගේ ප්‍රතිචාර මෙලෙස සටහන් කරමු.
සෞඛ්‍ය සේවාව තුල විවිධ දීමනා පිලිබඳ ඉල්ලීම් පසුගිය වසර කිහිපය තුල අප කොතෙකුත් සිදුකර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිටින වෛද්‍ය පරිපාලකයන් විසින් එම කිසිඳු ඉල්ලීමක් සාධාරණීකරණය කරමින් මුදල් අමාත්‍යාංශය වෙත හෝ ජනාධිපතිවරයා වෙත යොමු නොකිරීම හිතාමතාම සිදු කරමින් ඔවුනට පමණක් වාසි සහගත වන ඔබගේ ඉල්ලීම පමණක් අතිශය ඒකපාර්ශ්වීය ලෙස සාධාරණීකරණය කිරීම මෙම අර්බුධයේ ඔබ හා අප ගැටෙන ප්‍රධාන ගැටළුව ලෙස කාරුණිකව පෙන්වා දෙමු. එසේම අප වෘත්තීය සමිති විසින් ඉල්ලන ලදැයි ඔබ විසින් ප්‍රකාශ කරන රු 20,000/- දීමනාව ඔබ සාමාජිකත්වයටද ලැබී ඇති පසුබිම තුලම අපගේ අරගලය තුල අපට ඔබව අමතක කිරීමේ අවශ්‍යතාවයක් නොපැවති බවත් පැහැදිලිය. එසේම අදායම් බදු පිළිබඳ ගැටළුවේදී පොදු අරගලයක් සිදු කිරීම සඳහා අප සියළු සංගම් ඔබ සංගමයේ දායකත්වයෙන් යුක්තව සාකච්චාවක් සිදු කල බවද සිහිපත් කරන අතර එම සාකච්චාවන් අතරමැද කඩා බිඳදමා ඔබ ඔබගේ සාමාජිකත්වය සඳහා පමණක් සාධාරණත්වය ඉටු කර ගැනීමට කටයුතු කිරීම තුල ඔබ සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩල පිළිබඳව හැඟීමකින් කටයුතු කර නොමැති බවත් පෙන්වා දෙමු.
තත්වය එසේ තිබියදීත් එම සාධාරණත්වය ඔබට ලැබෙන තුරු සාවධානව බලා හිඳිමින් අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරගලය ආරම්භ කළද, එය ආරම්භ කළ මොහොතේ සිටම ඔබ සංගමය ඊට විවිධාකාරයෙන් බාධා කිරීම අප පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
උක්ත කරුණු වලට අමතරව අපට සාකච්ඡා කිරීමට බොහෝ දේ ඇත. සාධාරණය ඉටු කරවා ගැනීම සඳහා එක්ව ආරම්භ කරන ලද සටනකින් ඔබ පමණක් ජයග්‍රහණය කොට ඇත.
යන්න පිළිබඳව කඩිනමින් අපව දැනුවත් කරන ලෙසත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් දේශපාලන න්‍යායපත්‍රයන්ට අනූව මෙම අරගලය කඩාකප්පල් කිරිම සඳහා මැදිහත් නොවන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි
මෙයට විශ්වාසී
කැඳවුම්කාර මණ්ඩලය
රවී කුමුදේශ්
උපුල් රෝහන
සුදත් ජයසිරි
චානක ධර්මවික්‍රම
නාමල් ජයසිංහ
දේවිකා කොඩිතුවක්කු
