ව්‍යාජ ලිපි ලේඛන පෙන්වා කොළඹ ආවොත් වසර 05ක් හිරේ

ව්‍යාජ ලිපි ලේඛන පෙන්වා කොළඹ ආවොත් වසර 05ක් හිරේ
ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු නිවේදනය කර තිබේ.
 
එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද ලබා දිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
 
නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන අතර ව්‍යාජ සේවා කැදවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට පසුගියදා ඇතුලු වී තිබෙන බවත් තහවුරු වී ඇති බව පැවසීය.
 
කෙසේ වෙතත් ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ දඬුවම්  ලබා දීමේ ක්‍රියාවලිය  සිදුකරන බවත් සිහිපත්කර දී ඇත.