විද්‍යාත්මක සේවාවන්ගේ තනතුරු වලට බඳවා ගැනීම පිළිබඳව විකිරණවිද්‍යා තාක්ෂණවේදීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට නිවැරදි විසඳුමක් ලබා නොදීමට සමගාමීව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ට අදාල ගැටළු නිරාකරණය නොකිරීමට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගය අවතීරණ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩය ලිපියක් යවා ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
විකිරණවිද්‍යා තාක්ෂණවේදී වෘත්තිකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර අදට දින 8 ක පමණ කාලයක් ගතවී ඇති නමුත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි මැදිහත්වීමක් ලබා නොදෙන තත්ත්වයක් හා බොහෝ ගැටළු සඳහා වන විසඳුම් කමිටු වලට සීමා කර මඟහරින තත්ත්වයකට පත්ව තිබේ.
එනයින් උක්ත ගැටළුව සඳහා සෘජු විසඳුමක් ලබා දීමට බල කරමින් හා පරිපූරක වෛද්‍ය සේවාවට අදාලව ලිපි වලට සහ කමිටු වලට පමණක් සීමා වී ඇති පහත ගැටළු විසඳීමට බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට 2021-05-27 දින රැස්වූ අප බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කල බව කණගාටුවෙන් දැනුම් දෙමු.
එසේම, සෞඛ්‍ය සේවාවේ තොරාගත් කණ්ඩායම් කිහිපයකට පමණක් අනතුරු දීමනා ලබා දීමට සාකච්ඡා කරමින් පවතින බව අප වෙත වාර්තා වී ඇති බැවින් ඊට එරෙහිව 2021-06-03 දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව කණගාටුවෙන් දැනුම් දෙන අතරම ඉහත කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.
අනතුරු දීමනාව ඇතුළු උක්ත කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් 2021-06-08 දින සිට නැවත නොදන්වා වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව කණගාටුවෙන් දැනුම් දෙමු
