කළුගල් කර්මාන්තය වලපල්ලට? රැකියා අහිමිවීමෙන් සේවකයින් කබලෙන් ලිපට

කළුගල් කර්මාන්තය වලපල්ලට? රැකියා අහිමිවීමෙන් සේවකයින් කබලෙන් ලිපට

කළුගල් කර්මාන්තයට අවශ්‍ය ඇමෝනියා නයිට්රේට් නොමැති වීම හේතුවෙන් කළුගල් කර්මාන්තය මේ වන විට පූර්ණ වශයෙන් නතර වීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවට කළුගල් නිෂ්පාදන සංගමය චෝදනා කරනවා.

මේ හේතුවෙන් රැකියා අහිමි වී ඇති සංඛ්‍යාව ලක්ෂ 08 කට ආසන්නයි.

ලක්ෂ 03 ක් පමණ වූ සෘජු රැකියා අවස්ථා මෙන්ම ලක්ෂ 05 කට අධික වක්‍ර රැකියා අවස්ථාවන් පවතින කළුගල් කර්මාන්තය මේ වන විට පූර්ණ වශයෙන් නතර වී තිබෙනවා.

කළුගල් කර්මාන්තයට අවශ්‍ය ඇමෝනියා නයිට්රේට් පුපුරණ ද්‍රව්‍ය රට තුළ නොමැති වීම මීට ප්‍රධාන හේතුවයි.

මෙරට තුළ ගල් කොරි 1800 ක් පමණ ක්‍රියාත්මක වන අතර කර්මාන්තය වෙනුවෙන් බැංකු සහ ලීසිං සමාගම් ලබා දි ඇති මූල්‍ය පහසුකම්ද සුළුපටු නැහැ.