1000 පොරොන්දුව කඩවීම නිසා වතු සේවකයින් වැඩ වැරුමකට සූදානමක්

1000 පොරොන්දුව කඩවීම නිසා වතු සේවකයින් වැඩ වැරුමකට සූදානමක්
වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි බල කරමින් ලබන 05 වන දින එක්දින වැඩවර්ජනයකට අවතීරණය වීමට වතු සේවකයින් තීරණය කර තිබේ.
 

ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්. රමේෂ්වරන් මහතා සඳහන් කරන්නේ මෙලෙස වැඩ වර්ජනයක නිරතවීමට  තීරණය කරේ වතු හාම්පුතුන් සමග පැවති සාකච්ඡා අසාර්තකවීම හේතුවෙන් බවයි.

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර තිබෙන අතර එහිදී, “ලංකාවේ පැවති ආණ්ඩුවලින් වතු ජනතාවට රුපියල් 1,000 දෙන්න ඕනේ කියලා සියලුම ඇමතිවරු මේකට කැමති වුණා. ඒත් වතු සමාගම් එකම මතයෙන් ඉන්නේ පාඩු ලබනවා දෙන්න බැහැ කියලා. ඒ හින්දා අපේ පක්ෂයේ මහලේකම් ජීවන් තොන්ඩමන් ඇමතිතුමාගේ නායකත්වයෙන් යුතුව තීන්දුවක් ගත්තා. එන 5 වන දා එක දවසක් උද්ඝෝෂණයක් කරන්නේ නැතිව වර්ජනයක් කරන්න. ඒක අපි සාමාජිකයින්ට සහ සියලුම වෘත්තීය සමිතිවලට කියලා තියෙනවා. සියලුම පක්ෂ පාට භේදයකින් තොරව අපි සියලු දෙනාටම ආරාධනා කරනවා 5 වනදා තියෙන මේ වෘත්තීය සමිති වැඩවර්ජනයට සහයෝගය ලාබාදෙන්න කියලා.“ යනුවෙන්ද ඉල්ලීමක් කර තිබේ.